colombotimes.lk
සිංහල | English

05 December 2023

දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර



දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන බව ඊශ්‍රායලය පවසනවා. 

මෙම අවසරය ලබා දී ඇත්තේ ඇමෙරිකාව විසින් ඊශ්‍රායලයට කරන ලද බලපෑම් මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 
 
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු පවසන්නේ සෑම දින දෙකකට වරක් ඉන්ධන ලීටර් 140,000 කට පමණ අවසර දෙන බවයි. 
 
ඒවායින් බොහොමයක් ආධාර බෙදා හරින ට්‍රක් රථ සඳහා මෙන්ම ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වීම සඳහා අදහස් කරන බව අදාළ නිලධාරියා පවසා තිබෙනවා. 
 
ඉතිරිය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඇනහිට තිබූ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරනු ඇති. 
 
ඊයේ දිනයේදී ගාසාහි සන්නිවේදන සපයන සමාගම පැවසුවේ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන Unrwa හරහා ඉන්ධන ස්වල්පයක් ලැබීමෙන් පසු එහි සේවාවන් ආපසු යථා තත්ත්වයට පත් වූ බවයි. 
 
මේ අතර පලස්තීන ප්‍රදේශයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රිචඩ් පීපර්කෝන් පැවසුවේ උග්‍ර ශ්වසන ආසාදන වැළඳුණ පුද්ගලයින් 70,000 කට වැඩි ප්‍රමාණයක් සහ පාචනය රෝගීන් 44,000 කට වඩා වාර්තා වී ඇති බවයි.
(colombotimes.lk)