02 May 2026

logo

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට



ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි මෙය ඉහළ නංවන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

එමෙන්ම රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මීට අමතරව අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට සැලසුම්කර තිබෙනවා.

ඉන් අනතුරුව හඳුනාගත් පිරිස් සඳහා මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතයි.
(colombotimes.lk)