02 May 2026

logo

අනුර කුමාරට ඉන්දියාවෙන් විශේෂ ආරාධනයක් ලැබෙයි



ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් සඳහා ඉන්දියාවෙන් විශේෂ ආරාධනාවක් ලැබී තිබෙනවා.

ඒ, හෙට (06) දිනයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන නිල හමුවක් සඳහා සහභාගී වන ලෙසයි.

මේ සඳහා සහභාගී වීමට ඔවුන් අද (05) අලුයම නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගොස් තිබුණා.

එසේ පිටත්ව ගිය පිරිසට ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ද ඇතුළත් බව සඳහන්.
(colombotimes.lk)