රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවා මුරවලින් ඉවත් වී ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (08) තෙවන දිනයටත් ක්‍රියාත්මක වනවා.
එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර සේවා මුර වෙනුවෙන් ගෙවන මුදල් කප්පාදු කිරීම හේතුවෙන් මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඊට විරෝධය පල කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)