ශ්‍රේෂ්ඨ දේශපාලන ඉතිහාසයක් ඇති ආරිය බි රැකව මැතිතුමා ගැන ජනපතිගෙන් සඳහනක් (VIDEO)



පාර්ලිමේන්තුවේදී ආරිය රැකව සහ ඔහුගේ පුත්‍රයාට එල්ල වූ වාග් ප්‍රහාරය පිළිබඳව තමන් කණගාටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආරිය රැකව සහ ඔහුගේ පුතා හොඳ මිනිසුන් බවත්, රැකවගේ පුතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වී සිටියත් කිසිඳු අයහපත් ක්‍රියාවකට සම්බන්ධ වනු ඇතැයි තමන් කිසිවිටෙක නොසිතන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
 
ආරිය රැකව සහ බන්දුල කරුණාරත්න එහි සිටි බව පෙන්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සභාව තුළ පෙන්වූ ඡායාරූපයක් ගැන සඳහන් කළ ජනාධිපතිවරයා එම ඡායාරූපයේ මැද සිටියේ තමන් බවයි පැවසුවේ.
 
ඒ අනුව රැකව මහතා තම දේශපාලන සමකාලීනයෙකු බවත්, එතුමා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානයකවරයෙකු බවත් ජනාධිපතිවරයා විසින් එහි දී මතක් කර සිටියා. 
 
එමෙන්ම රැකව මහතා යනු හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ විශ්වාසවන්ත පාක්ෂිකයෙකු බවත් ඒ අනුව දේශපාලනයට පැමිණෙන ලෙසට ද එතුමාට ඇරයුම් කළ බවත් ජනාධිපතිවරයා විසින් සඳහන් කළා. 
 
මේ අතර රැකව මහතා සමඟ ඡායාරුපයක් ගැනීම සම්බන්ධව ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධව ද ජනාධිපතිවරයා පැවසුවේ එතුමාගේ පුතා වූ අසේල බි රැකව මහතා සහ තමන් සම්බන්ධ කරමින් එළෙස ප්‍රකාශ නිකුත් කිරීම සිදු නොවිය යුත්තක් බවත් ඔහුගේ පියා වූ ආරිය බි රැකව මැතිතුමා ශ්‍රේෂ්ඨ දේශපාලන ඉතිහාසයක් ඇති දේශපාලඥයෙකු බවයි. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය විවේචනය කිරීම වැරදි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
 
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්...
(colombotimes.lk)