06 March 2025


හමුදාවෙන් පැන්න 679ක් අත්අඩංගුවට



හමුදා සේවයෙන් පළා ගොස් සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි 22වනදා සිට මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බව පසුගිය 22වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළා.

(colombotimes.lk)