ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්



අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබෙනවා. 

ඒ අනුව එම මුදල් හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.
(colombotimes.lk)