06 July 2025

logo

බෙරගල - බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 42ක් හදිසියේම ඉවත් කරයි



බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 42ක් ඉවත් කර තිබෙනවා. 

ඒ නායයෑමේ අවදානමක් හේතුවෙන්. 
 
ඒ අනුව පෙරේදා (05) දිනයේ එම ස්ථානයේ සිදු වූ නාය යාමකින් නිවාස 2 ක් හානි වූ බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේරත්න මහතා සඳහන් කළේ. 
 
අවතැන් වූවන්ගෙන් කොටසක් ප්‍රදේශයේ පාසලක හා අනෙක් පිරිස ඔවුන්ගේ ඥාතී නිවාසවල සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා. 
 
මේ අතර පස්කඩා වැටීමක් හේතුවෙන් හපුතලේ - යහලබැද්ද මාර්ගය මේ වන විටත් අවහිර වී තිබෙන අතර දිස්ත්‍රික්ක 6කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
(colombotimes.lk)