ලොව විශාලතම මංගල සාදය අදින් ඇරඹෙයි



මුකේෂ් අම්බානිගේ බාල පුතු 28 හැවිරිදි අනන්ට් අම්බානිගේ පූර්ව මංගල සාදය අද සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම උත්සවයට Bill Gates, Mark Zuckerberg, Rihanna, Ivanka Trump සහ Disney ප්‍රධානී Bob Iger වගේම බොලිවුඩ් හොලිවුඩ් තරු රැසක් සහභාගී වීමට නියමිතයි.

මෙහි දින තුනට තේමා තුනක් සහිතව උත්සවය සංවිධානය වී ඇති අතර, මේ දින තුන පුරාවට අමුත්තන් මෙහි රැදී සිටීමට නියමිතයි.

එසේම විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යය ජූලි මාසයේ 12 පැවැත්වීමට අපේක්ෂිත බවයි.

අනන්ට් අම්බානි විවාහ වන්නට සූදානමින් පසුවන්නේ ඉන්දියාවේ විශාල ඖෂධ සමාගමක් වන එන්කෝර් හෙල්ත්කෙයාර් පවත්වාගෙන යන සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණිය වන 29 හැවිරිදි රාධිකා මර්චන්ට් සමඟයි.

අනන්ට් සහ රාධිකා විවාහ ගිවිසගෙන ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මාසයේ සාම්ප්‍රදායික ගෝල් දාන උත්සවයකදීයි.

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115 ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා අතර 10 වැනි ස්ථානයේ සිටියි.
(colombotimes.lk)