22 October 2025

logo

ව්‍යාපෘති අරඹන්න ගත් ඩොලර් බිලියන 6ක් අතුරුදන්




පසුගිය කාලයේදී ව්‍යාපෘති ණය ලෙස රටට ලබාගත් ඩොලර් බිලියන 8ක මුදලකින් ඩොලර් බිලියන 6කට සිදු වූ දෙයක් නොමැති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අපරාදයකින් උද්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අපරාදයකින් උත්පාදිත දේ පිළිබඳ පනතින් ඒ සියල්ල යළි අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි.

මහ බැංකු බැදුම්කර සිද්ධිය වැනි වංචා නිසා ඇතැම් පුද්ගලයන්ට මූල්‍ය ප්‍රතිලාභ හිමිව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වන විමර්ශනද කාර්යක්ෂම කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

(COLOMBOTIMES.LK)