03 May 2026

logo

කොවිඩ් සෑදුණු පුද්ගලයින්ට රුධිරය කැටි ගැසීමේ අවදානමක්



කොවිඩ් සෑදුණු රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ඇමරිකානු අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.

එම රෝගීන්ගේ මොළයේ හෝ පෙනහළුවල රුධිර කැටි ගැසීම් සහ තෙහෙට්ටුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්විය හැකි බවයි වාර්තා වන්නේ.

කොවිඩ් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයින් 1,837 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යනය සිදුකර තිබෙනවා.

එමෙන්ම මෙම රෝගීන්ගෙන් 16% කට අවම වශයෙන් මාස හයක්වත් සිතීම, අවධානය යොමු කිරීම හෝ මතක තබා ගැනීමේ අපහසුතා ඇති බව සැලකේ.
(colombotimes.lk)