25 May 2025


හෙළ සිනමාවේ නිළි රැජිණියගේ දේහය චිත්‍රපට සංස්ථාවට රැගෙන එයි



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කර තිබෙනවා.

ඒ මහජන ගෞරවය වෙනුවෙන්.

දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව හෙට (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදීද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

 
(colombotimes.lk)