06 March 2025


පොලිස් රථ වාහන අංශවල නිලධාරීන්ට දෙන ත්‍යාග මුදල් දීමනාව වැඩිවෙයි



පොලිස් රථ වාහන අංශවල සේවය කරන නිලධාරීන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල් දීමනා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ 25%කින් බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ 2025 පෙබරවාරි පළමු වනදා සිට බලාත්මක වන පරිදි මෙම වැඩි කිරීමට සිදු කර ඇති බවයි.

(colombotimes.lk)