06 July 2025

logo

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට අනිවාර්යෙන්ම රුපියල් 20,000 ක් ඉල්ලයි



මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට රුපියල් විසිදහසක දීමනාව අනිවාර්යෙන්ම ලබා දිය යුතු බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සඳහන් කරනවා. 

එසේ නොමැති වුවහොත් වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් සඳහන් කරමින් ඊයේ (06දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දුන් බවයි ඔවුන් පැවසුවේ. 
 
අදාළ සංදේශයේ පිටපතක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමට කටයුතු කළ බවත්, ජනාධිපතිවරයාට භාර දිමට සකස් කළ සංදේශය මුදල් අමාත්‍යාංශ නියෝජිතයකු විසින් භාර ගත් බවත් එම එකමුතුවේ කම්ටු සාමාජික සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළා. 
 
අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට කීයක් හරි වැඩි කරන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සඳහන් කරන බවත්, තවත් ඇමතිවරුන් පිරිසක් විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමට මුදල නොමැති බවට ප්‍රකාශ කරමින් සිටින බවත්, මේ නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
(colombotimes.lk)