13 November 2025

logo

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව විශේෂ තීරණයක්



පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (12) දිනයේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන මෙම කැබිනට් පත්‍රිකාවට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්. 
 
මෙම දරුවන් සඳහා මීට පෙර සියයට 3ක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණා. 
 
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාරගන්නා බව වැඩිදුරටත් සඳහන්. 
 
මීට අමතරව 2023 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වුණා.
(colombotimes.lk)