රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා පැළ එකොළොස් දහස් දෙසීයක් පමණ වගා කර තිබූ ගංජා හේනක් වටලා හම්බෙගමුව කරපිංචාලන්ද ප්‍රදේශයේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)
