20 May 2026

logo

රැඳවුම් නියෝග මත සිටින සුරේෂ් සලේට එරෙහි නඩුව කල්යයි



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රජය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ තවදුරටත් රඳවා තබාගනිමින් ලබන මැයි 20වනදා නැවතත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)