අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පිරිස් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
පසුගිය 22වනදා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර පිළිබඳවද විමර්ශන සිදුකර ඇති බවත් එම බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ පුවත පිළිබඳව තහවුරු වී නොමැති බවත් ඔහු සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ උපරිම මැදිහත්වීමෙන් මාර්ග ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි.