මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පැවසුවේ පසුගිය වසරේදී අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතුරින් HIV ආසාදිතයින් 115 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි.
පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත HIV ආසාදිතයින් ගණන 824ක්.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩි වෙමින් ඇති බැවින් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.
(colombotimes.lk)