14 March 2025


චාමරගේ රසිකයන්ට රෝහලෙන් දැනුම්දීමක්



හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා බැලීම සඳහා අවසර හිමි නොවන බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහල දැනුම්දෙනවා. 

ඒ විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා රෝහලට පැමිණීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් සවි කරමින්. 
 
එසේ පැමිණීම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 
 
එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ මහතා බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
(colombotimes.lk)