31 January 2025


චාමර ගැන සුබ පණිවිඩයක්



දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 

ඔහු දින 40 කට ආසන්න කාලයක් වෛද්‍ය ප්‍රතිකාර යටතේ ගත කළ අතර, පසුගිය මාසයේ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළා. 
 
උගුර සහ උදරය යන දෙකෙහිම ඇති වූ සංකූලතාවයන් සඳහා ඔහු ශල්‍යකර්ම දෙකකට භාජනය කළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 
 
ඔහු සුවය ලැබුවද තවදුරටත් විවේකයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙනවා.
(colombotimes.lk)