CRIB යෙදුම වෙනස් කිරීමට අවධානය



පුද්ගලයින්ට ණය අනුමත කිරීමේදී ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව, ශ්‍රේණිගතකිරීම් අතුලත් වාර්තාවක් (Rating Report) ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නිර්දේශ ලබා දී තිබෙනවා. 

ඒ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. 
 
එමෙන්ම ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා එහිදී උපදෙස් ලබා දුන්නා. 
 
ඉදිරියේදී CRIB යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි එම ආයතනයේ නිලධාරීන් කොමිසම හමුවේ පැවසුවේ. 
 
ඒ අනුව 2024 වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා. 
 
එම ඉලක්ක වලට ළඟාවීමට ඔවුන්ගේ ආයතන පනත වහාම සංශෝධනය කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කරන ලෙසත් කාරක සභා සභාපතිවරයා තවදුරටත් උපදෙස් ලබා දුන්නා.
(colombotimes.lk)