ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ සුද්ද පවිත්‍ර කිරීම පමණක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට තිබෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බවයි.
(colombotimes.lk)