23 May 2025


දයාසිරි ජයසේකරගේට එරෙහිව විමර්ශන කමිටුවක්



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලිලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින්.

කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ පසුගිය මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලිකිල්ලක් ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවයි.

ඒ අනුව අදාළ පැමිණිලිල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස හේමාලි වීරසේකර මහත්මිය නම් කර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක
එහි සෙසු සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)