13 June 2025


ගුවන්යානයක් පැහැර ගන්නා බවට අසත්‍ය පැමිණිල්ලක්



ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එම සැකකරු සන්තකයේ තිබී ටැබ් පරිඝනකයක්, iPhone දුරකථනයක්, පෝටබල් රවුටරයක්, Handsfree යුගළක් සහ මුදල් හුවමාරු කළ බැංකු රිසිට් පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. 

සැකකරු විසින් ඊයේ (11) 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට, ශ්‍රීලන්කන් ගුවන් සමාගමට, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇමතුම් ලබාදෙමින් ඉන්දුනීසියාවේ සිට පැමිණෙන ගුවන් යානයක් කිසියම් පිරිසක් පැහැරගන්න ගන්නා බව පවසා තිබෙනවා. 

(colombotimes.lk)