තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩිකොළ කිලෝග්‍රෑම් 596 ග්‍රෑම් 750ක තොගයක් සහ බෝට්ටු 02ක් ඊයේ (25) අළුයම මීගමුව පොලිස් වසමේ කොතලාවල පාලම අසල කළපු තීරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
