කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝධායන ආයතනයේ නිලධාරින් හා රේගුවේ නිලධාරින් විසින් සත්ව ජාවාරමේ යෙදුණු යුවලක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට සතුන් 88දෙනෙකු මෙලෙස නීතිවිරෝධී ලෙස ඔවුන් දෙදෙනා මෙරටට රැගෙනවිත් තිබෙනවා.
අදාළ සැකකරුවන් අවිස්සාවේල්ල හා පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වනවා.
ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)