19 February 2026

logo

චාමර සම්පත්ට අධිකරණයෙන් දුන් තීන්දුව



අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නඩු 2ක් සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අද (27) ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියම කර තිබෙනවා.

එහිදී සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

(colombotimes.lk)