16 March 2025


දේශීය ආදයම් පනතේ දෙවනවර කියවීමේ විවාදයට දින නියම වෙයි



දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මාර්තු 20වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (15) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.

ඒ අනුව දේශීය ආදයම් පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය 20වනදා අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප. ව 6.00 සිට ප්. ව. 8.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)