09 September 2025

logo

එජාපයෙන් තීරණයක්



මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මඟින් ක්‍රියා කිරීමටද අදහස් කර ඇති බවයි.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා පවත්වා තිබෙනවා.



(COLOMBOTIMES.LK)