31 January 2025


පළාත් 6ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්



අද (18) සිට දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම, උතුරු නැගෙනහිර පළාත්වල අද සිට දින 5 ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි එම ඒකකය පැවසුවේ. 
 
මේ අතර අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. 
 
ඒ අනුව වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 82,036 ක් සහ මරණ 49 ක් වාර්තා වන බව සඳහන්.
(colombotimes.lk)