25 February 2025


රටේ ආරක්ෂක තත්ත්වය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්



යුද හමුදාවේ උසස් නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද (25) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)