01 July 2025

logo

මැතිවරණ රාජකාරී සඳහා නොගියොත් වැඩ වරදින ලකුණු



මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලබා ඇති සියලුදෙනා නියමිත දිනට අදාළ ස්ථානයට යායුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.

ඒ මහ මැතිවරණය සම්බන්ධයෙන් අද (12) පැවති දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ රාජකාරි සඳහා ලබාදී තිබෙන පත්වීම් වෙනස් කිරීම හෝ අවලංගු කිරීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම මැතිවරණ රාජකාරි සඳහා නොපැමිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)