මෙරටට විද්‍යුත් බස් රථ ආනයනයට ලෝකයේ ඕනෑම රටකට ආයෝජනය අවස්ථාව ලබා දෙන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව මෙය නියමු ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනු ඇති.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
අමාත්‍යවරයා සඳහන් කළේ, එසේ ම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) ස්ථාපනය කිරීම සඳහා ද අදාළ ආයෝජකයන්ට අවස්ථාව ලබා දී ඇති බවයි.
අනතුරුව බස් රථ ධාවනයෙන් ලැබෙන ආදායමෙන් ආයෝජකයාගේ ආයෝජන ප්‍රාග්ධනයට සාධාරණයක් ඉටු කරන බවත් ඔහු සඳහන් කළා.
නිශ්චිත කාලයක් තුළ ආයෝජකයාගේ ආයෝජිත මුදල ගෙවීමෙන් පසුව බස් රථවල අයිතිය රජයට පවරා ගැනීමට නියමිතයි.
මේ දිනවල ආයතනවලින් අභිලාෂයන් කැඳවා තිබෙන බවත් දේශීය හා විදේශීය වශයෙන් හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
(Colombotimes.lk)
