14 March 2025


කොටගල පෙරහැරකදී අලියෙක් පුද්ගලයෙක්ට පහරදෙයි



හැටන්, කොටගල ප්‍රදේශයේ කෝවිලක් විසින් සංවිධානය කළ පෙරහැරකට රැගෙන ගිය අලියෙක් ඊයේ (13) රාත්‍රියේදී පුද්ගලයෙක්ට පහරදී තිබෙනවා. 

පෙරහැරෙන් පසුව අලියාට ආහාර දීමට උත්සාහ කරන අතරතුර මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)