13 February 2025


හිටපු ජනපති මහින්දගේ නිවසේ ජල කප්පාදුව ගැන පැහැදිලි කිරීමක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයන් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක් කර තිබෙනවා.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්.

එහි සඳහන් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් අද (13) ජල සැපයුම අත්හිටු වූ බවයි.

එම ස්ථානයේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශයේ නිළධාරීන් නේවාසිකව සිටි බවත් ඔවුන් 2024 ඔක්තෝම්බර් මාසයේ ඉන් ඉවත්ව ගොස් ඇති බවත් අදාළ ස්ථානයේ දැනට සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ නිළධාරියෙක් සඳහන් කර තිබෙනවා.



(colombotimes.lk)