17 December 2025

logo

Facebook Blue Verification එක සක්‍රිය කරන්නේ මෙහෙමයි



Facebook ආයතනය විසින් ලබා දෙන Blue Verification සලකුණ මින්පෙර ලබාගැනීමට හැකිවුණේ ප්‍රසිද්ධ සහ Facebook ආයතනයෙන් අනුමැතිය හිමිවූ පුද්ගලයින්ට පමණයි.  

නමුත් 2023 වසරේ සිට එය සෑම කෙනෙකුටම ලබා ගැනීමට Facebook ආයතනය අවස්ථාව ලබාදී තිබෙනවා. 
 
මෙම අවස්ථාව පළමුව සීමිත රටවල් සංඛ්‍යාවකට පමණක් හඳුන්වා දී තිබුණා. 
 
ඒ අනෙක් රටවල් වලටත් මෙය ළඟදීම හඳුන්වාදීමේ සැලැස්ම ඇතිවයි. 
 
මේ වනවිට ශ්‍රී ලංකාවට මුදල් ගෙවීම හරහා Blue Verification ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. 
 
එහිදී එක් පුද්ගලයෙකු මසකට ඇමරිකානු ඩොලර් 12කට ආසන්න සංඛ්‍යාවක් ගෙවිය යුතු බව සඳහන්.  
 
ඒ අනුව Blue Verification ලබා ගැනීමට ඔබට සපුරාලිය යුතු සුදුසුකම් වන්නේ., 
1) ඔබ ජීවත් වන රට සඳහා Meta Verification ලබා ගැනීමට අවස්තාව ලබා දී තිබිය යුතුයි. 
2) වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි. 
3) ඔබේ සැබෑ නම ඇති Public හෝ Private Profile එකක් විය යුතුයි. 
4) Two-Factor Authentication සක්‍රිය කර තිබිය යුතුයි. 
5) Facebook ආයතනයෙන් අනුමත අවම Activity Requirements සහ Posting History එකක් තිබිය යුතුයි. 
6) Terms of Service සහ Community Standards සඳහා එකඟ විය යුතුයි. 
 
Blue Verification එක සක්‍රිය කර ගන්නා ආකාරය පහතින්., 
1) Facebook Menu එකට පිවිසෙන්න. 
2) Privacy Settings Option එකට යන්න. 
3) Accounts Center එකට පිවිසෙන්න. 
4) එහි ඇති Meta Verification Option එකට යන්න. 
5) ඔබේ Facebook ගිණුම Select කරන්න. 
6) Subscribe කර Pay කරන්න.
(colombotimes.lk)