20 May 2026

logo

යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මාරක අනතුරක්



යතුරුපැදියක් සහ ලොරි රථයක් එකෙනෙක ගැටීමෙන් අද (22) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කෝපායි පොලිස් වසමේ යාපනය පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දියේදීයි.

එම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 23 ක් හා 64ක් වන එලාලේයි ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

පොලීසිය සඳහන් කළේ අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)