02 July 2025

logo

පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි ක්‍රීඩිකාව වාර්තා වෙයි



මහා බ්‍රිතාන්‍යයේ දුනු විදීමේ ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි ක්‍රීඩිකාව වීමට සමත් වී තිබෙනවා.

ඒ මෙවර ප්‍රංශයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වූ කාන්තා දුනු විදීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත්වීමත් සමඟයි.

එමෙන්ම ඇය පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි පැරා ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක් වනවා.

මිශ්‍ර කණ්ඩායම් දුනු විදීමේ ඉසව්වේදී සිය සහෝදර ක්‍රීඩක නේතන් මැක්වීන් සමඟ එක්ව රන් පදක්කමක්ද දිනා ගැනීමට ඇය සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)