16 September 2025

logo

අමාත්‍ය හර්ෂණගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල කමිටුවක්



පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම වෙනුවෙන් පත්කළ පංච පුද්ගල කමිටුව අද (18) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින්.

අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර හට එම කමිටුවේ සභාපතිත්ව හිමිවී ඇති බවයි වාර්තා වන්නේ

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් පී. පෙරේරා, ඔෂානි උමංගා නම් කර තිබෙනවා.

(colombotimes.lk)