13 December 2025

logo

නිලවරණයට පෙර පාපන්දු සභාපතිගෙන් සැර ප්‍රකාශයක්



හෙට එනම් 2023.09.29 දින පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් තම පාර්ශවය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් පවසනවා.

තවද හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයට තෙවන පාර්ශවයකින් බලපෑමක් එල්ල නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවද ජස්වර් උමාර් සඳහන් කළා.

ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් දී ඇති මාර්ගෝපදේශන අනුව නිලවරණය පැවැත්වීම තුලින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට විශාල උදව් උපකාර ලබාගත හැකිවන බවද ජස්වර් උමාර් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම අන්තර්ජාතික පාපන්දු නිජෝජිතයින්ගේ නිරීක්ෂණය යටතේ පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිත බවද ජස්වර් උමාර් සඳහන් කළා.

රන්ජිත් රොඩ්‍රිගෝ, දොස්තර මනිල් ප්‍රනාන්දු මහතා සහ තමා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය එකමුතුකමින් ශ්‍රි ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහලට ඔසවා තැබීමට බවද ජස්වර් උමාර් පවසනවා.

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යාන්තර තහනම පවා ඉවත් කරගනු ලැබුවේ මෙසේ එකමුතුවීමෙන් බවද ජස්වර් උමාර් වැඩිදුරටත් පැවසුවා.

බෙදී කටයුතු කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බවත් අනෙක් පාර්ශවයටද තමන් සමග එකතු වී තවත් ජාත්‍යාන්තර තහනමකට ලක් නොවී පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා වැඩ කිරීමට තමා ආරාධනා කරන බවද ජස්වර් උමාර් සඳහන් කළා.

මේ වනවිට ඇති ලීග 67න් 59 ක්ම තම.පාර්ශවය සමග පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැදගෙන සිටින බවත් ජස්වර් උමාර් සඳහන් කළා.
(colombotimes.lk)