06 November 2025

logo

පුංචි ඡන්දයට විදෙස් කාන්තාවක් ඇප තියයි



මාතලේ දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ජර්මානු ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම කාන්තාව ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂිකාවක් ලෙස ගලේවල ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට නියමිතයි.

ජර්මානු කාන්තාව සඳහන් කළේ ශ්‍රී ලංකාවට වෙනස්කම් ගෙන ඒමේ අපේක්ෂාවෙන් තමන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

(colombotimes.lk)