පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශවයන්ට විකුණූ බව කියන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හොරණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින්.
පානදුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි 38 සහ 39 හැවිරිදී වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම සැකකරුවන් එම පොලිස් නිල ඇඳුම් වෙනත් පාර්ශවයන්ට විකුණා ඇති බවට සිදු කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බවයි.
