ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම්දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
මේ පිළිබඳව වැඩි විස්තර 1944 අංකයෙන් හෝ http://www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
(colombotimes.lk)
