06 November 2025

logo

දියේ ගිලී සිදු වූ සමස්ත මරණ ගැන අනාවරණයක්



වසරේ ගත වූ කාල සීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් 230දෙනෙක් මියගොස් තිබෙන බව පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසනවා. 

එම කොට්ඨාසය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් තරුණයන් බවයි. 

එමෙන්ම වසරේ ගත වූ කාලය තුළ දියේ ගිලීමට ලක් වු පුද්ගලයන් 195දෙනෙක්ගේ ජීවිතද බේරා ගැනිමට හැකි වූ බව පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය සඳහන් කළා.
 
ඒ අතරට මෙරට පුද්ගලයන් 135ක් සහ විදේශීය පුද්ගලයන් 60දෙනෙක් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ. 

මේ අතර ඊයේ (05) හලාවත දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් පස් දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ පදිංචි පස් දෙනෙක් එලෙස මිය ගොස් ඇති බවයි. 

මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)