උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනයෙන් තුවාල ලැබූ පිරිස 260ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
භූ කම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(COLOMBOTIMES.LK)
