ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කඩාවැටී ගිනිගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 11දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන බවයි.
United Parcel Service මෙහෙයවන McDonnell Douglas MD11F නැමති භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන්යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බවයි.
මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)
