06 November 2025

logo

ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි



ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ ඊයේ (05) සිදු වූ දරුණු ගුවන් අනතුර හේතුවෙන්. 

සහන කණ්ඩායම් වලට ඔවුන්ගේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් පහසුවෙන් සිදුකරගෙන යාම සඳහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළා. 

ඇමරිකාවේ U.P.S සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 16කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නොමැති බවයි. 

(colombotimes.lk)