ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත් එයට ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඒ 'ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා'යන මාතෘකාව යටතේ ANI පුවත් ඒජන්සිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පවතින බවත් එයට යටත්ව ජාත්‍යන්තර නීති සහ රෙගුලාසිවලට ගරු කරමින් දෙපාර්ශවයම එකමුතුව අදාළ නීති සකස් කරගත යුතු බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීමට අදාළ නීතිමය නියමයන්ට අනුකූලව එම ගැටලු විසඳාගැනීමට දෙරටම සහතික වීම වැදගත් බවයි.
(colombotimes.lk)
