23 January 2026

logo

මධ්‍යම පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ පිරිස ඉහළට



මධ්‍යම පිලිපීනයට බලපෑ 'කල්මේගි' සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 58දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව සිටි හමුදා සෙබළුන් 06දෙනෙක්ද සිටින බවයි.
 
එමෙන්ම මෙම සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කරමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)